Skip to main content

Vodoo Child

Inspirational Character එකක් බිහිවෙනවා කියන්නෙ හරිම දුර්ලභ අවස්ථාවක්.ඉතිහාසයේ විවිධාකාර Inspirational Characters ඉඳල තියෙනවා.ඒ ඒ Inspirational Characters සමහර වෙලාවට ජීවත් වෙලා තියෙන්නෙ පොඩි කාලයක් වෙන්න පුළුවන්.හැබැයි ඒ කුඩා කාලය ඇතුලත මිනිස්සුන්ගෙ හිත් දිනාගෙන, තමන්ගෙ Field එකේ Exceptional Icon එකක් වෙන්න සමහර මිනිස්සුන්ට වාසනාව ලැබිල තියෙනවා.ඒ වගේ එක Legendary Character එකක් තමයි , Jimi Hendrix කියන්නෙ.
James Marshall "Jimi" Hendrix
( 27 November 1942-18 September 1970
)

මේ සටහන සැප්තැම්බර් 18 වෙනිදට,ඒ කියන්නෙ ඊයෙ දවසට යෙදිල තියෙන ඔහුගෙ Memorial Day එක වෙනුවෙන්.
James Marshal "Jimi" Hendrix, එහෙමත් නැතිනම් Johny Allen Hendrix ඉපදෙන්නෙ 1942 නොවැම්බර් 27 වෙනිදා වගේ දවසක. Seattle,Washington වල Jimiගෙ උපත සිද්ද වෙනවා.බාහිර පෙනුමෙන් කළු ජාතිකයෙක් වගේ පෙනුනට Jimi කියන්නෙ Decents ගොඩකින් පැවතගෙන එන කෙනෙක්. එ්ත් Musicology ඇතුලෙදි Jimi ව අයිති වෙන්නෙ Prominent Afro-American Musician කෙනෙක් විදියට.කළු ජාතිකයන් අතරේ Jimiට තියෙන්නෙ Bob Marleyට Louis Armstrongට Michael Jacksonට නොදෙවෙනි තැනක්.
Louis Armstrong
(August 4, 1901 – July 6, 1971)
Bob Marley
(6 February 1945 – 11 May 1981)
Michael Jackson
(August 29, 1958 – June 25, 2009)


Jimi ළමාකාලය ගෙවෙන්නෙ ඒ කාලෙ හිටිය Hit වෙච්ච Blues Artistsලගෙ සින්දු, Guitar Riffs අහන ගමන්. B.B. King, Muddy Waters, Robert Johnson වගේ Blues Music වල Legendary චරිත වල Music දවස පුරා අහන එක Jimiගේ විනෝදාංශය වෙනවා.Jimi පලවෙනියටම වාදනය කරන්නෙ Acoustic Guitar එකක්.මේ Guitar එකත් එක්ක Jimi, ඔහුගෙ පලවෙනි Band එක වෙන Velvetones කියන Blues Band එක හදාගන්නවා.ඒත් Band එකේ Drums වල දෙදරුම්කන හඬ පරයා යන්න Jimiගෙ Acoustic Guitar එකට පුළුවන් වෙන්⁣නෙ නැහැ.

මේ හින්දාම ඔහුට අවශ්‍ය වෙනවා හොඳ Electric Guitar එකක්.මාස ගණනක ඉවසීමෙන් පස්සෙ Jimiට හම්බෙනවා "Supro Ozark 1560S" Electric Guitar එකක්.
Supro Ozark 1560S

ඒ Jimiගෙ තාත්තගෙන්, පුතාට තෑග්ගක් විදියට.Electric Guitar Guruගෙ පලවෙනි ගිටාර් එක විදියට මේ Guitar එක සැලකුවත්, Stage Performance එකකට පස්සේ Stage එකේ උඩ අමතක වෙලා එන Jimiට ඒ ගිටාර් එක අහිමි වෙනවා.ඒ වෙනුවට අායෙමත් Jimiගෙ තාත්තා අරන් දෙනවා ගිටාර් එකක්,Silvertone Danelectro Guitar එකක්
Hendrix with his DanElectro

ටික කාලෙකට පස්සෙ Jimi හමුදාසේවයටත් බැඳෙනවා.ඒ 101 Airborne Division එකේ Paratrooper කෙනෙක් විදියට.Military Service එකේ ඉන්නකොටත් Music වලට හොඳටම involve වෙන්න Jimiට පුළුවන් වෙනවා.මේ හැකියාව දකින Jimiගේ සාජන්ලා Jimiට Musical Career එකක් Develop කරගන්නම Chance එකක් දීලා 1962දි Honorable Discharge එකක් දෙනවා.
Hendrix in Army

Jimi musical career එක පටන්ගන්නෙ RnB වලට එකතු වෙලා. තවත් විදියකට Blues Music වලට එකතු වෙලා. Jimi play කරන Style එක Blues Rock වෙන්නත් හේතුව ඒකයි.Blues Chords වලින් Heavy Bending වලින් Jimiගෙ Music හැදෙන්නෙ එහෙමයි.

Jimiගෙ ලයිෆ් එක අවුරුදු 4ක Musical Career එකක් උනාට Vivid අවුරුදු 4ක්.
Hendrixගෙ Official Guitar Brand එක වෙන්නෙ Fender Stratocaster.තවමත් USA Market එකේ Hendrix Signature Stratocaster එකක් ගන්නවා කියන්නෙ හීනයක් වගේ.Jimiගේ Guitar Orientation එක Left Hand උනත් Jimi Play කරන්නෙ Regular Right Hand Guitar එකක Strings පැත්ත මාරුකරල,බැලූ බැල්මට විකාරයක් වගේ පෙනුනට. 
Hendrix with his Stratocaster

Jimi Play කරල තියෙන "All Along the Watch Tower" , "Voodo Child", "Purple Haze", " Little Wing", "Hey Joe" කියන්නෙ Hard Rock වල ඉන්න Guitarist කෙනෙක්ගෙ Masterpeices වගේ. Vodoo Child වල වගේ Hendrix Chords play කරල ඒ විදියටම Sing කරන්න හැකියාවක් Develop කරගන්නවා කියන්නෙ Guitarist කනෙක්ට හීනයක්.
  • All Along Watch Tower : https://youtu.be/TLV4_xaYynY
  • Vodoo Child : https://youtu.be/wqLEg0MsSMQ
  • Purple Haze : https://youtu.be/fjwWjx7Cw8I
  • Little Wing : https://youtu.be/U5Vki76x-EU
  • Hey Joe : https://youtu.be/rXwMrBb2x1Q

Jimi Hendrix අදටත් සලකන්නෙ Most Influential Guitarist විදියට.Hard Rock සින්දුවක් වෙච්ච Vodoo Child වල ඉඳලා Psychedelic Rock සින්දුවක් වෙච්ච Purple Haze හරහා Hey Joe වගේ Blues Rock සින්දු වගේ විශාල පරාසයකට Jimiට Achieve කරන්න Talent එකක් තිබ්බා.Jimiගෙ වෙලාවකට එක පිස්සු උන්මන්තක වැඩත් තිබ්බා.ඒ Concert එකක් මැද්දෙ Jimiගෙ ගිටාර් එකට තමන්ම ගිණිතියාගන්නවා, එ් වගේ පිස්සු වැඩක් Jimiගෙ Talent එකත් එක්ක Mix වෙලා තිබ්බා.සමහර වෙලාවට අපි අහල තියෙනවා, "A much greatness will not exists without little much of insanity" කියල.ඒ වාක්‍යය ජීවත් කරවන්න Jimi හොඳ උදාහරණයක්.
Hendrix Burning his Guitar

ඒ ටැලන්ට් එක නිසාම 1969, අපි කව්රුත් දන්න Woodstock Musical Festival එකේ Lead Performance එකක් ඉදිරිපත් කරන්න Jimiට අවස්ථාව ලැබෙනවා.එතනදි Hendrix හරි ලස්සන Creative වැඩක් කරනවා.Guitar Amp එකේ Feedback එකයි Jimi පාවිච්චි කරන Vox Wah Paddle එකයි පාවිච්චි කරල "Star Spangled Banner" කියල Title කල Instrumental එක කරනවා.ඒක ඒ වෙලාවේ Jimiගේ improvising වැඩක්.Star Spangled Banner කියන එකේදි Jimi Play කරන්නෙ ඇමරිකන් ජාතික ගීය. Amp Feedback වලින් එකතු කරන Feedback එකෙන් Jimi පෙන්නවා යුද්ධයේ කුරිරු කම. Vietnam යුද්ධයට විරෝධය ප්‍රකාශනයක් විදියට සංවිධානය කල Woodstock වල Theme එකටම ගැලපෙන විදියට Hendrix එලියට දැම්ම ආර්ට් එකේ විදිහ තමයි ඒ.

Hendrix at Woodstock(1969)

Jimiගේ Axis: Bold as Love කියන Album Art එක ගොඩක් Psychedelic Creative වැ⁣ඩක්.එතනදි Jimiව විෂ්ණුගෙ එක දසඅවතාරයකට සමාන කරල Album Art එක Design කරන Artist Album Art එක අඳිනවා.ඒ වගේම Jimiගෙ Album හැම එකකින්ම Controversial Art forms එලියට දීල තියෙනවා.

Jimi මේ හැම performance එකක් කරන්නෙම ඔහුගෙ Band එක හරහා, ඒ "Jimi Hendrix & The Experience" කියන නමෙන් නම් වෙච්ච Band එකෙන්.පස්සෙ කාලෙ Woodstock වලට කිට්ටු වෙද්දි Solo Career එකකට Jimi යොමුවෙනවා.

Woodstock වලට පස්සෙ Cry of Love tour වගේම සාර්ථක European Tour එකක් කරන්න Jimiට හැකියාව ලැබෙනවා. ඒ Tours වලට පස්සෙ Jimiට UK වලත් Top Chart වල ලොකු තැනක් ලැබෙනවා.Talent එක ලෝකය පුරාම ජනප්‍රිය වෙනවා.

Unique Stylish ඇඳුම් ඇන්ද Jimiගෙ Style වල තිබ්බේ Psychedelic Colors.ඒ Colors, Jimi නිර්මාණය කරපු Music වල Mirror Image එකක් වගේ දෙයක් උනා.අදටත් Woodstock Festival එකේ Photo එකක් දකිනකොට Jimiව මතකයට එන්න තරමට ඒ Style එක Unique එකක් වෙනවා.

Album Art

⁣Hendrixගෙ මරණය ටිකක් අභිරහස් මරණයක්. White Lighter myth එකේදි වගේම 27 Club Myth වගේ Urban Legend වලදි Lead role එකක් Jimiට හම්බවෙන්න හේතුව වෙන්නෙත් මේ අභිරහස් මරණය.මරණයට හේතුව විදියට Drug OD එකක්.කොහොමත් Jimiගේ ජීවිතයට Drugs & Alcohol කියන්නෙ විශේෂ යමක් නොවුන හින්දාම 1970 September 18 වෙනිදා දවල් 12.45ට Music ගැන මතක & කථා ගොඩක් ඉතිරි කරල මරණයට පත්වෙනවා

Jimiගේ Musical Career එක අවුරුදු 4ක් වගේ කුඩාකාලයක් උනාට ඒ අවුරුදු 4 ඇතුලත කරපු Art වලින් Jimiට Awards ගොඩක් හම්බෙනවා.සමහර එ්වා Hendrix ගෙ මරණයෙන් පස්සෙ පවා ලැබෙන ඒවා.USA Rock and Roll Hall Of Fame වලට, UK Music Hall of Fame වගේ Rock Music වල ලබන්න පුළුවන් උපරිම Awards පවා ලැබෙනවා. Jimi Hendrixගෙ නමින් Hollywood Walk of Fame Sidewalk එකේ එක තරුවක් පවා නිර්මාණය කරල තියෙනවා
Walk of Fame star

Jimi Hendrix කියන්නෙ අපි අද දකින හුඟක් Sub Genre of Rock වල පලවෙනි Foundation Building Block එක.Hard Rock වල ඉඳල Psychedelic Rock පාස් කරල Funk,Punk Rock හරහා Hip Hop වලටම එනකන්ම Hendrixගෙ Influence එක තියෙනවා.

Jimi කියන්නෙ ඇත්තටම මනුෂ්‍යයාගේ ඉතිහාසෙ බිහිවෙච්ච Greatest Artistල අතලොස්සකගෙන් එක්කෙනෙක්.ඒක ගැන තේරුම් ගන්න පුළුවන් quote එකක් එක්ක Jimi Hendrix ගැන සටහන ඉවර වෙනවා, ඒ තවත් අවුරුදු 100කටත් වැඩි කාලයක් වෙනකන් Hendrixගෙ Talent එක, Creativity එක අපේ හිත ඇතුලෙ පදිංචි කරවන ගමන්

"When the power of love overcome the love of power, the world will know peace"

Comments