Skip to main content

One Love

Reggae කියනකොටම අපිට මතක් වෙන්නෙම Buffalo Soldier කියන ගමන් ⁣Dredlock කොන්ඩයක් බැඳන් ඉන්න බොබ් මාලේව. එතනින් පොඩ්ඩක් එහාට ගියොත් Beach එකේ සුදු සරමක් ගහගෙන "සුදු ඇඳුමින්" සින්දුවේ වීඩියෝ එකට රඟපාන මහේන්ද්‍ර පෙරේරා & ජය ශ්‍රී ලව.එ් අපිට රෙගේ කික් වෙච්ච විදිය.ඒ තරම්ම සමීප දෙයක්.

Bob Marley :
Robert Nesta Marley, OM
(6 February 1945 – 11 May 1981)

ලෝකෙ පුරාම මොන Tradition අස්සෙ හැංගිලා තිබ්බත් Reggae කියන එක ඒ Traditions වලින් එලියට embose වෙලා පෙනෙන්න තරමටම ඒ Genre එක Unique.හොඳ Signature එකක් තියෙන Music Genre එකක්.ඒ වටේට Cannabis එක්ක Intertwined වෙචච් Cult trend එක හින්දම Reggae Music කියන්නෙ නිකංම Genre එකකටත් වඩා Sub-Culture එකක් වගේ. උපසංස්කෘතියකට අවශ්‍යය සියළුම ලක්ෂණ ඒ එක්ක තියෙනවා.

Reggae කියනකො⁣ටම International Symbol එක විදියට අපි Bobව AKA Robert Nesta Marley ව අඳුනගත්තත්, Reggae වල Root එක Bob Marleyගෙනුත් එහාට ගිය එකක්.

Reggae,"re-g-ge-i" විදියට ශබ්ද කරන්න පුළුවන් වචනය එන්නෙ raggedy/ragged කියන ශබ්ද කිරීමෙන් & අර්ථයෙන්. Ragged කියන්නෙ ටිකක් අපිලිවෙල ගතියක් කියන එක.Jamaica වල "Streggae" කියල කෙනෙක්ව විශේෂණය කරනවා නම් හේතුව ඔහු හෝ ඇය "වැරහැලි" ඇඳගෙන ඉන්නවා කියන එක.Reggae වලට මුල් කාලෙම සම්බන්ධ වෙලා හිටිය African Decent එකක් තියෙන Caribbean Islands වල Artistsලාගෙ ඇඳුම් මේ ආකාරයට හුරුවෙච්ච හින්දා මේ Reggae කියන එක ලයිෆ් ස්ටයිල් චොයිස් එකක්ම වෙච්ච හැටි හොඳින්ම දකින්න පුළුවන්.

Jamaican Streggae Attire

Reggae කියන වචනයට Bob Marley එ් උනාට දෙන්නෙ වෙනම තේරුමක්.Spanish කියන්නෙ Caribbean Region එකේ නිල නොලත් Common Language එක.Spanish වලින් "Regi" කියන්නෙ "රජතුමා" සම්බන්ධ කාරණා වලට. Bobට අනුව Reggae Music කියන්නෙ "The King's Music", ඒක Bob අනුගත වෙච්ච Rastafarian අාගම හින්දා ඇතිවෙච්ච සංකල්පයක්.ඒකට අනුව Messiah විදියට සලකන Hail Selassie, ඉතියෝපියාවේ අධිරාජ්‍යයාට සම්බන්ධ කිරීමක් තමයි Bob කරල තියෙන්නෙ.


Haile Selassie I :
Ras Tafari Makonnen
(July 23, 1892-August 27, 1975)

Reggae කියන්නෙ ගොඩක්ම Afro-Centric Communities වලින් බිහිවෙච්ච Music එකක්.ගොඩක් Rastafarian වෙන Afro-centric diaspora එක Caribbean දූපත් පුරාවට විහිදිලා Reggae පිලිගන්නෙ ඇඟෙන්ම එන දෙයක් විදියට. Jamaican හරි ඒ ආසන්න caribbean රටවල් වල බහුතරය Reggae oriented වගේම Cannabis Cult එකේ Godfathersලා විදියට ගන්න පුළුවන්.

Musicological විදියට බලනකොට Reggae කියන්නෙ Soul,Jazz,RnB,Ska & Rocksteady වගේ roots තියෙන genre එකක්.හුඟක්ම Ska & Rocksteady වගේ.Ska කියන්නෙ Guitar එකයි Piano එකයි rhythm එකට play කරනකොට එන sound එකත් එක්ක එන beat music එකට.Reggae වල unique rhythmic punchy ගතිය මෙන්න මේ "ska-ska-ska" හඬයි.ඒ හඬත් එක්ක කලින්ම ආව Ska Genre එකත් එක්ක Calypso & Traditional Mento Beats mix වෙලා තමයි Reggae කියන එක Develop වෙන්නෙ. තවත් දෙයක් තමයි Reggae වල ඇතුලෙ include වෙලා තියෙන "න්‍යාබිඟි"(Nyabinghi) Beat එක.Rastafarianලා එකට එකතු වෙලා Chanting කරනකොට drums play කරන බීට් එක තමයි න්‍යාබිඟි රිදම් එක කියන්නෙ.African Folk music වලත් Calypso Rhythm එකත් එක්ක combination එකක් වෙච්චච ඒ රිදම් එකත් Reggae වල Unique ගතියට Essence එකක් වෙනවා.

කලින් කිව්වා වගේ Caribbean වල පදිංචිකරුවන් වෙලා ඉන්න Afro-centric මිනිස්සුන්ගෙ Lifestyle Music එක වෙන්නෙ Reggae.ඒකටම Caribean Island වල තියෙන ස්වභාව සෞන්දර්ය එකතු උනාම cultural product එකක් විදියට එලියට එනවා,කල්ට් එකක් විදියට ලෝකෙ වටේ හැම සංස්කෘතිකයක්ම වැළඳ ගන්න තරමටම ආකර්ෂණය වෙන විදියට,ස්වභාව ධර්මයේ ජීවත්වෙන මනුස්සයාගෙ ආත්මීය ප්‍රකාශනයක් විදියට

Reggae වල Music Theory එක පැත්තට ගියොත් Beat එක නැතිනම් Rhythm Section එක වෙන්නෙ කලින් සඳහන් කරපු Nyabinghi Rhythm එක.ඒත් එක්කම Mento Beats\Soca Rhythm එකතු වෙනවා.Mento Rhythm ගත්තොතින් ගොඩක්ම Folk Tradition එකක්.ඒ බීට්ස් වල music theory එක බැලුවොතින්

සාමාන්‍යයෙන්,සරලව එක බාර් එකක් Beats 8කින් තියෙන විදියට හදාගත්තොත්,එ් එක බීට් එකක් ක්‍රොචෙට් එකක් (1) විදියට අරගෙන ක්‍රොචෙට් 8කින් එක බාර් එකක් හදාගත්තොතින්,1 වෙනි බීට් එක බේස් වලින් ෆිල් වෙනකොට ඉතිරිය පර්කෂන්/ටොම්ස්/සිමබල්ස් වලින් ෆිල් වෙනවා.

හැබැයි විශේෂයෙන්ම 4වෙනි Beat එක හිස් වෙනවා.Off-Beat or Downbeat වෙනවා.ඉතිරි 5-6-7-8 බීට්ස් ටිකම ටොම්ස් වලින් සිමබල්ස් වලින් ⁣ෆිල් වෙනවා.මෙතනදි 5 හෝ 6 බේස් වලින් ෆිල් කරන්න පුළුවන්.ඒක Auxiliary වැඩක්.තැනත් එක්ක improvise කරන්න ඕනා.හුඟක් Afrobeats වල තියෙනවා offbeats.ඒ ඒ offbeats වලින් තමයි Afro music වලට ඒ shuffle ගතිය එන්නෙ. Afro Origin එකක් තියෙන Caribean මිනිස්සු ඇතුලෙත් මේ shuffle ගතිය තියෙනවා.ඒ හින්දාම Shuffle Based Music වෙච්ච Jazz, Soul,RnB, Blues වගේ Music වලට Root වෙනවා.
Reggae Drummer
Reggae වල මුල් අවධිය වෙන Ska & Rocksteady කියන්නෙ ගොඩක් ලොකු සංකීර්ණ Drum rolls & fills තියෙන style එකක්. Jazz Drumming වලදි උවමනා අර ඇඟෙන් බීට් එක එන එක මෙතනදි උවමනා වෙනවා.කොහොම උනත් බේසික් Shuffle Beat එකක් එක්ක 4th off beat එක අඩංගු වෙන එක Reggae වල මූලික ලක්ෂණයක්.

Rhythm Section එක එහෙම වෙද්දි Melodic Section එක හුඟක්ම Normal Regular Popular Chords තමයි Use කරන්නෙ.හුඟක් වෙලාවට Dominent note එකක Minor Triad එක ගන්න ට්‍රයි කරන්නෙ නැතිනම් Major Chords කිහිපයක්.සින්දුව ඇතුලෙ හුඟක් වෙලාවට තියෙන්නෙ Resolve වෙච්ච නැති Harmony එකක්.හැබැයි Tonicaly Balance වෙච්ච Melody එකක්.කලාතුරකින් Dominent 7th වලට හරි Minor 7th වලට හරි Chord Progression එක යන්න පුළුවන්.Augmented හරි Diminished Measures වලට යන Reggae Melodies අඩු තරම්( උදා.හැබැයි ලංකාවේ Amal Pereraගෙ "තණමල්විල" සින්දුව බැලුවොත් Reggae සින්දුවකුත් වෙලා Chord Progression එක ඇතුලෙ C Augmented Chord එකක් දාලා තියෙනවා,ඒක ලස්සනට රිසේලා්ව් වෙලා තියෙනවා ඒ උනාට)

අපිට හොඳට හුරු පුරුදු Reggae Melodies ගත්තොත්,ඒවගෙ Chordwork එක බැලුවොත්

• Buffalo Soldier - A major | D major | C# minor | B minor | C# minor 7th | B minor 7th
• Three Little Birds - A major | D major | E major
• Red Red Wine(UB40) - C# major | F# major | Ab Major
• Close to you(Maxi Priest) - Eb Minor 7th | Ab minor 7th | Bb minor 7th | C# major | B major
• සුදු ඇඳුමින් - G major | A minor | C major | D major | D 7th | B minor | E minor

ඔය විදියේ සිම්පල් Music Theory එකකට තමයි Reggae රන් වෙන්නෙ.හැබැයි Beats section එක ගොඩක්ම tradition එක්ක mix වෙච්ච ලේසියකට අල්ලගන්න අමාරුම Rhythm එකක්.Caribbean Genes එක්කම එන හැකියාවක් වගේ හුඟක් Jamaican මිනිස්සුන්ට මේ Rhythm එක ඇඟෙන්ම එනවා.

Music instrument විදියට Percussion එක්කම combine වෙච්ච Drum Arrangement එකක් ⁣තියෙනවා.සින්දුවක Beat එක Drums වලින් foundation කරල දෙනකොට Bass Guitar වලින් Ska Rhythm එකේ Emphasis වෙන තැන් Highlight කරල දෙනවා.Guitar එක Rhythm විදියට play වෙනකොට මෙතනදි තමයි අර "ska-ska-ska" punch එක produce වෙන්නෙ.Normal 4/4 Beat bar එකක 4x upstroke + 1 downstroke විදියට rhythm play කරන එක තමයි මූලිකව සිද්ද වෙන්නෙ.වචන වලින් හරියටම විස්තර නොකලාට Reggae වලදි එන Punch එක අපි කාටත් කකුලට වැටහෙනවා.Keyboards & Lead Guitars එක්කම Brass section එකක් එකතු කලොත් සින්දුව ඇතුලෙ Melodies & Countermelodies වලට යන්න පුළුවන්.හුඟක්ම වෙලාවට Drum Fills වලදි පොඩි Lead riff එකකින් Countermelodies ප්ලේ කරන එක Reggae සින්දු ඇතුලෙ දකින්න පුළුවන්.

UB 40

සුදු ඇදුමින් : JayaSri Song

Big Mountain
Reggae වලදි Signature එක එකතු කරන ප්‍රධාන ක්‍රමය තමයි Vocals.ඇත්තෙන්ම හුඟක් ගීත වලට reggae improvise කරන්න පුළුවන් උනත් reggae වල original vocode එක එන්නෙ Caribbean Accent එකත් එක්ක.English වල Caribbean Pronounciaton Dialect එක තමයි හුඟක්ම පාවිච්චි වෙන්නෙ.Jamaica වලින් Origin නොවුනු අය පවා Reggae වලදි පුළුවන් තරමට Caribbean Accent එක improvise කරන්න බලනවා.( UB40 වල Ali Campbell, Big Mountain වල Joaquin Quino McWhinney, ජය ශ්‍රීලගෙ දෙදෙනාම).

Reggae කියන නම ඇහුන ගමන් අපිට මතක් වෙන්නෙ කලින් කිව්වත් වගේ බොබ් මාලෙව.හැබැයි reggae කියන වචනය පලවෙනියට Musical Dictionary එකට එකතු කිරීමේ අයිතිය හිමිවෙන්නෙ Toots and The Maytals කියන Rocksteady Band එකට.එ් 1968දි release වෙච්ච "Do the Reggae" කියන සින්දුවෙන්.එතන ඉඳල musicological map එකේ pin එකක් වෙන journey එක පටන්ගන්නවා.

මීටත් අමතරව "Reggae Sound" කියන එක establish කරන්න පලවෙනියටම 1960-1970 අතරතුර ආව මේ සින්දු අඳුනගන්න පුළුවන්.

• Say What you are saying(1968) - Eric "Monty" Morris : https://youtu.be/kxIpBpgQfpl
• People Funny Boy(1968) - Lee "Scratch" Pery : https://youtu.be/BGW6UMC68Ok
• Long Shot(1968) - The Pioneers : https://youtu.be/XhAec0h4lds

මෙතන හුඟක් artistලට අනුවර්ත නාමයක් තියෙන්න හේතුව එ් artistල හුඟක් Jazz, Soul, RnB වගේ Genre වල perform කරපු අය හින්දා.ඒ Genres වල හුඟක් වෙලාවට කෙනෙක්ව හඳුන්වන්නෙ Nickname එකකින්.හරියට Ray Charlesට "Brother Ray", Louis Armstrongට "Pops" කියනවා වගේ.Afro Decent එකේ Musicianල ගාව ඒ trend එක තිබ්බා.

Reggae වල Climax එකට පටන් ගැන්ම සිද්දවෙන්නෙ 1963දි Peter Tosh, Bunny Waliers & Bob Marley එකතු වෙලා The Wailers කියන Reggae Band එක පටන් ගැනීමත් එක්ක.1970න් පස්සෙ Bob Marley & The Wailers විදියට Update වෙන්නෙ මේ Band එක,ඒ Carlton Barret කියන ලෝකෙ බිහිවෙච්ච හොඳම Reggae Drummer එකතු වෙනවත් එක්කම වගේ ( Carlton Barret Drumming Demo : https://youtu.be/G9LRuZOhwq8 ). 

Carlton Barret

The Wailers කියන්නෙ Jamaicaව පුරා විසිරිලා තිබ්බ Ska, Rocksteady, Mento, Calypso ඔක්කෝම එකතු කරල Reggae ව⁣ට්ටෝරුවෙන් දුන්න Band එක.Bob Marleyව,Reggae Scenario එකේදි Highlight උනාට The Wailers තමයි Reggae වල හරිම Essence එක මිනිස්සු අතරට ගෙනගිය Platform එක.Carlton Barretගෙ Rolls නැතිනම් Bobගේ ඒ Reggae Feeling එක එන්නෙ නැති තරම්.1970 පටන්ගැන්මේ Bob Marley ගෙ මරණය සිද්දවෙනකන්ම වගේ Reggae වලට The Wailersලා දුන්න Art ගොඩයි.

• One Love(1965) -
https://youtu.be/RP2OwHO4uU4
• Stir't up(1971) -
https://youtu.be/4TpGryolFKM
• No Women No Cry(1974) - https://youtu.be/jGqrvn3q1oo
• Concrete Jungle(1973) - https://youtu.be/y07vgARrOUE
• Get up Standup(1973) - https://youtu.be/F69PBQ4ZyNw
• Could you be loved(1980) - https://youtu.be/Mm7muPjevik
• Redemption Song - https://youtu.be/OFGgbT_VasI


Bob Marley and The Wailers
The Wailersලා මුළු ලෝකෙ වටේම ඉන්න Afrocentric Diaspora එකට ගොඩාක් ශක්තිමත් පණිවිඩයක් දෙන්න සමත් වෙච්ච හම්බ උන හොඳම අවස්ථාව තමයි 1980 අප්‍රේල් 18,රොඩේශියාවේ ( දැන් සිම්බාබ්වේ රටේ) නිදහස් උත්සවය දවසේ stage Perform කරන්න හම්බුන එක.ඒක ලෝකෙ වටේ විසිරිලා ඉන්න Afrocentric Communities වල අර කලින් කිව්ව ආත්මීය ප්‍රකාශනය විදියට Reggae Music විදියට පත්කරන්න Bob Marleyට පුළුවන් උනා.

1981දි Bob Marleyගෙ මරණයට පස්සෙ The Wailersලා Disband වෙනවා.ඒ උනාට Bob පටන්ගත්ත Reggae Tone එක ඉස්සරහට ගෙනියන්න තව තව Artistලා බිහිවෙනවා.Prince Buster, Ken Boothe, Millie Small, Desmond Decker, Duke Reid, Lee "Scratch" Pery, King Tubby මේ අතරෙන් ප්‍රධාන තැනක් ගන්නවා.ඒ 1970-1980 මුල් කාලෙ වගේ.

අපි හොඳින්ම දන්න Chithral "Chity" Somapalaගෙ "නදී ගංගා තරණයේ" සින්දුව adapt කරගත්ත "Many Rivers To Cross" ගීතයේ ගායකයා/නිර්මාතෘ වෙන Jimmy Cliff,මෙන්න මේ Reggae වල Late Period වල හොඳ Icon එකක් වෙනවා.
Jimmy Cliff
"I can See Clearly" කියන Single එක ඒකේ Video එකත් එක්කම හොඳ ජනප්‍රියත්වයක් ගන්නවා.ඒ Billboard Ranking වල #57ට එන්න පුළුවන් වීමෙන්.Jimmy Cliffගෙ මේ Jamaicaව ගැන Include කරල හැදුව Documentry + Reggae Music ගැන කල, " The Harder They come" Film එක හින්දා Reggae Music කියන දේ ලෝකෙ වටේම තවත් ප්‍රචලිත උනා.

ඒ The Wailersලා Zimbabwe එහෙමත් නැතිනම් කලින් Rhodesiaවේ කල Performance එකට සමානම කීර්තියක්,Recognition එකක් එකතු කරන ගමන්.

ඒ වගේම මේ පටන්ගත්ත Reggae Trend එක ලෝකෙ පුරාම පැතිරෙනවා.Afro Decent එකක් නැති Reggae Bands විවිධ රටවලින් පටන්ගන්නවා.සමහරක් Band,Reggae Style සින්දු කියනවා.

• UB40 - ජැමෙයිකාවෙන් නොවී UK වල Birmingham වලින් පටන්ගත්ත,The Wailersලගෙන් පස්සෙ ජනප්‍රියතම Reggae Band එක.ජනප්‍රියම Hit එක වෙන්නෙ Red Red Wine.Red Red Wine කියන්නෙ Neil Diamond 1967දි Perform කල regular pop සින්දුවක්,ඒත් ඒක UB40 Ali Campbell ගොඩක් ලස්සන Reggae tone එකක් එක්ක 1983දි release කරනවා.ඒකට UK Singles Chart එකේ 1983දි 1st එන්න පුළුවන් වෙනවා.ඒ සින්දුවට අමතරව UB40ලා Reggae Signature එකෙන් ගොඩක් සින්දු produce කරල තියෙනවා
• The way you do the things you do - https://youtu.be/J2RZPMo5jAs
• Kingston Town - https://youtu.be/9c4KAnQpdGw
• Dream a Lie - https://youtu.be/LfoVVRDU378

UB 40


• The Police - 1980 පටන් ගන්නවා එක්කම Rock වල ඇතිවෙච්ච "New Wave" එකත් එක්ක UK වලට පටන්ගත්ත Rock Band එකක් තමයි The Police කියන්නෙ.Thomas Sumner එහෙමත් නැතිනම් සුප්‍රසිද්ධ නමින් Sting වටේට තමයි Band එක Develop වෙන්නෙ. ගොඩක් Fusion Music කරන The Police ලා Reggae වලට බර සින්දු කිහිපයක්ම හදල තියෙනවා,Reggae Essence එක Pop/Rock වලට හොඳින් Mix කල සින්දු.Stingගෙ Unique කටහඬෙන් Perform කරපු සමහර Reggae සින්දු, Reggae වල UB40,Ali Campbell ඇතිකරපු Distinction එක වගේම Iconic art pieces වෙනවා.
• Walking on the Moon - https://youtu.be/zPwMdZOlPo8
• Can't Stand Losing You - https://youtu.be/nH0vjLwMyc4
• Simply Red - Night Nurse : https://youtu.be/L68nlTMVExw


The Police
• Led Zeppelin ලා කියන්නෙ The Wailersලා Reggae Scenario එකට enter වෙනකොටම Rock Music වල හිටිය Legendry Band එක.Led Zeppelinලා "D'yer Make'r" perform කරනවා මෙන්න මේ Reggae style එක ෆලෝ කරලා.මෙතන මේ වචනේ "Dire maker"කියල ශබ්ද කලත් ඇත්තටම එතන කියන්නෙ "Jamaica" කියල.ඒ වචනය සින්දුවට යොදාගැනීමත් එක්කම සින්දුවේ Reggae ගතිය පෙන්නනවා.

1980 අග 1980 අග කාලෙ වෙද්දි Reggae කියන එක එක sub genres විදියට හැදෙනවා

Shaggy
Sean Paul

• Rnb එක්ක fusion වෙලා "Reggae Fusion" විදියට හැදෙනවා.
• UB40 වල හිටිය Maxi Priest,
• Bob Marleyගෙ පුතා Damian Marley,
• Shaggy
• Diana King
• Inner Circle
• Sean Kingston
• Sean Paul
• Dub ; Reggae වල electronic music පැත්තට බර වෙච්ච Sub-Genre එක.
• Sly and Robbie
• Scientist
• Rockers Reggae ; Reggae කියන එක ගොඩක් UK & USA වලට Adapt වෙනකොට ඒක ඒ ඒ රටවල් decode කරගත්ත විදිය අනුව හැදිච්ච Sub-Genre එක.
• Lovers Rock ; Reggae වල ටිකක් Romanticize වෙච්ච Version එක.මේකෙ විවිධාකාර artistලා emerge වෙලා තියෙනවා
• Dancehall-Reggaton-Hip Hop ; දැනට Fuse වෙමින් තියෙන Hip Hop වලට Reggae වලින් වෙච්ච Contribution එක තමයි Dancehall කියන්නෙ.හුඟක්ම Reggae Fusion artistල උනත් මේ catergory එකට අයිති වෙනවා.
https://youtu.be/vwBCd_BTljY


ලංකාව ඇතුලෙ Reggae Music කියද්දිම අපිට මතක් වෙන්නෙ ජයශ්‍රීලව. ජයශ්‍රීලගෙ "සුදු ඇඳුමින්" සින්දුව එන්නෙ බූඩිගෙ "මිල්ලෙ සොයා" ෆිල්ම් එකෙන්. රට ගිය වෙලාවෙ මනෝලෝකෙක අතරමං වෙන මහේන්ද්‍රගෙ හීනෙ බැකින් මියුසික් එක වෙන්නෙ ජයශ්‍රීලගෙ "සුදු ඇඳුමින්" සින්දුව. Jamaica වල Traditional ඇඳුම් ඇඳගෙන reggae කිව්ව වගේ බූඩි මෙතනදි මහේන්ද්‍රට සුදු සරමක් අන්දවනවා.එතනදි අර ලංකාවේ "Traditional" ගතිය Reggae එක්කලා Mix වෙන්න වගේ. කොහාම උනත් ඒ ප්‍රයත්නය සාර්ථකයි. ජයශ්‍රීල⁣ගේ Reggae inspired සින්දු ගොඩක් තියෙනවා.සමහර සින්දු Reggae Fusion, Ska, Dancehall වගේ අළුත් Trends වලට Contemporary වෙන විදියට produce කරල තියෙනවා.
JayaSri
Reggae වල දෙවෙනියට Prominent performances හම්බවෙන්නෙ ලංකාවේ Open Stage Band වල.හුඟක් වෙලාවට Bob Marleyගෙ Melodies හුඟක්ම ලඟින් යන විදියට නිර්මාණය කරල තියෙන මේ සින්දු වල පද රචනා වල සරල තේරුම් & සරල මනුෂ්‍ය හැඟීම් ගැන ටිකක් විතර රළු වචන වලින් විස්තර කෙරෙනවා. Open Stage Band ගැන ඇතිවෙලා & ඒ Industry එකෙන්ම Music field එකේ ඇති කරල තියෙන Negative attitude එක හින්දා Open Stage වල Play වෙන Reggae ගැන ලොකු Analysis එකකට යන්න තරමේ Development එකක් නැහැ.ලංකාවේ Cannabis Culture එකේ එක Component එක්ක වෙන ග්‍රාමීය සංරචකය, හුඟක් වෙලාවට Bobගෙ " One Love" , "Buffalo Soldier", "No Woman No Cry" ගීත වල තේරුම් ගැන ලොකු සවිඥානිකත්වයක් නැතිව උනත් Cannabis පාවිච්චි කරන ගමන් Follow කරනවා.මේ සින්දු වල පොඩි පොඩි Quotes විදියට Threewheel වල Bike වල ස්ටිකර් කරගන්න මේ කණ්ඩායම් හුරු වෙලා තියෙනවා. Reggae වල Skanky Beat එක හුඟක් වෙලාව⁣ට හන්දි වල Three wheel පාක් වලදි Threewheel වල ගමනක් යද්දි විඳින්න පුළුවන්.

Less prominent විදියට emerge වෙලා ආව,Chinthyගේ Reggae inspired සින්දු විදියට "මට සුරලෝකෙ පෙන්නා",රයිනි චාරුකා එක්කලා perform කරන "කාන්දම් දෑස", "තරුමිණි" වගේ සින්දු දකින්න පුළුවන්. Chinthy පාවිච්චි කරපු හුඟක් reggae elements ගොඩක්ම 1980න් පස්සෙ emerge වෙච්ච reggae fusion / reggaeton / Dancehall වගේ Styles වලට ගොඩක් ලංවෙනවා. පස්සේ reggae improvising වලට commercial success එකක් ලොකුවට නැතිඋන හින්දා chinthy, Reggae elements වලින් පොඩ්ඩක් දුරස් වෙනවා.

Chinthy


ගොඩක් significant නැතත් ලංකාවේ music industry එක ඇතුලෙ පොඩි පොඩි Reggae Elements පාවිච්චි කරල තියෙනවා.සින්දුව සම්පූර්ණයෙන්ම Reggae විදියට වෙන් කරන්න බැරි උනත් ඒ සින්දු වල Reggae Essence එක පොඩි පොඩි මාත්‍රා වලින් තියෙනවා.උදාහරණයකට බැලුවොත් Bhathiya & Santhush AKA BnSලගේ recent hit එකක් වෙච්ච "මල් මදහාස පිදෙනා" ගීතය සලකන්න පුළුවන්. හුඟක් Shuffle Beat එකත් එක්ක Accompany උනාට Reggae Rudiments අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම අපි ගොඩක්ම බලාපොරොත්තු නොවෙන ගායකයන්ගෙ ගීත ඇතුලෙත් Reggae Rudiments තියෙන්න පුළුවන්, සේනානායක වේරලියද්ද⁣⁣ගෙ "පෙරුම් පුරාගෙන" සින්දුවේදි, සතිශ් පෙරේ⁣රාගෙ "කඳුලු වලින් පෙම් හසුන්" "අවසන් ලියුමයි" වගේ ගීත නිතර ඇසෙන උදාහරණ විදියට දකින්න පුළුවන්.

ලිපියේ තැනින් තැන කතා කලා වගේම, Reggae කියන්නෙ ලෝකෙ වටේම ගොඩක් ලොකුවට Music Elements වෙනස් කරපු Genre එකක්.ඒක ඇඟ ඇතුලට දාගන්න, ශ්‍රාවකයා Afrocentric වීම අනිවාර්ය සාධයකුත් නොවෙයි.මේ විදියට ලෝකෙ පුරාවට Recognition එක ගත්ත Reggae වලට 2008 දි Jamaican අගමැති විශේෂ තැනක් දෙනවා.ඒ හැම අවුරුද්දෙම පෙබරවාරි මාසය "Reggae Month" විදියට නම් කිරීමෙන්.
Reggae Month in Jamaica

මේ මාසය ඇතුලත දවස් 6ක ලොකු conference එකක් එක්කම Reggae වල Pioneersලට,Reggae වල Notable Artistලට සම්මාන අගය කිරීම් කරනවා.Jamaicaවේ ප්‍රධාන ආකාරයේ සංස්කෘතික/ සමාජීය අංගයක් වෙච්ච Reggae වලට ඒ විදියේ සැලකිලි ලැබෙනවා.
Reggae කියන්නෙම Humanity එක්කම Parallel යන ආර්ට් එකක්."Peace" කියන එක Theme එක කරගත්ත Reggae Artistsලා ලෝකෙ පුරාම ආදරය පතුරවිමින් සංගීතය රසවිඳිමින් ඉදිරිපත් කරනවා.මුළු ලෝකෙම ආදරයෙන් පුරවල "One Love One Heart" විදියට පෙරලනවා.

Comments