Skip to main content

Prince of Darkness

Metal කිව්වාම අපිට හිතට එන්නෙම ටිකක් Dark Theme එකක්.Metal වල Theme Color එක විදියට ගැනෙන්නෙ කළුපාට.Metal පරිණාමය වෙච්ච Christian Culture එකේ කළුපාට සම්බන්ධ වෙන්නෙ Satanic Concepts එක්ක.කළු පාට සම්බන්ධ වෙන්නෙ අඳුරුගතියට,Darkness වලට.

Metal වලට සම්බන්ධ කව්රුහරි කෙනෙක්ට මෙන්න මේ Darkness එක්ක resonance වෙන අනුවර්ත නාමයක් හෝ ගෞරව නාමයක් ලැබෙනවා නම්,අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා Metal Cult එක ඇතුලෙ වන්දනීය චරිතයක් වෙනවා. ඒ Cult එක ඇතුලෙන් ආව එක අනුවර්ත නාමයක් තමයි Prince of Darkness. ඒ විදියට හඳුන්වන්නෙ මොහුයි,ඒ Ozzy Osbourne.

John Michael "Ozzy" Osbourne (3 December 1948-Present)

Ozzy Osbourne, එහෙමත් නැතිනම් John Michael "Ozzy" Osbourne කියන්නෙ ඉංග්‍රීසි ජාතිකයෙක්.Ozzy, 1948 දෙසැම්බර් 3 වෙනිදා එංගලන්තයේ Birmingham වල උපත ලබන්නෙ Lilian Osbourneට සහ John Thomas "Jack" Osbourneට දාවව.සහෝදර සහෝදරියෝ 6 දෙනෙක් අතරින් පවුලේ 4වෙනියා විදියට තමයි Ozzy ඉපදෙන්නෙ.පොඩිකාලෙදි Dyslexia එහෙමත් නැතිනම් අකුරු කියවීමේ අපහසුතාවක් තිබ්බ Ozzyට, පාසලේ තිබ්බ කලා කටයුතු වලට Active Participation එකක් පෙන්නන්න බාධාවක් වෙන්නෙ නැහැ.Ozzyගේ Vocalist කෙනෙක් වීමේ හීනය එන්නෙ Ozzy,Teenage period එකේදි ඒ කාලෙදි නැගී එන රැල්ලෙ "The Beatles" ලගේ සංගීතයේ රසිකයෙක් වීමත් එක්කම.

1967දි Geezer Butler පලවෙනියට Band එකක් හදනවා,ඒ "Rare Breed" කියන නමෙන්.මේකට ටික දවසකින් Ozzy සම්බන්ධ වෙනවා Vocalist හැටියට.කොහොමහරි මේ Rare Breed, "Polka Tulk Blues" වෙනවා.ඊට පස්සෙ "Earth" වෙනවා.අන්තිමට,Ozzy Osbourne(Vocalist), Tony Iommi(Guitarist), Geezer Butler(Bassist), Bill Ward(Drummer) කට්ටිය එකතු වෙලා "Black Sabbath" කියන Band එක හදනවා.Black Sabbath කියන්නෙ Ozzyගෙ විතරක් නෙමෙයි මුළු Rock Culture එකේම එක Turning Point එකක්.මේ Black Sabbath කියන නම Ozzyලා Adapt කරගන්නෙ 1963දි Release කල "Black Sabbath" කියල Title වෙච්ච Horror Film එකෙන්. Black Sabbath වලට වගේම Ozzyටත් ඒ අනන්‍ය "Darkness" එන්නත්,මේ නම හේතුවක් වෙනවා.Band එක Release කරන පලවෙනි සින්දුව "Black Sabbath" උනත් බෑන්ඩ් එකේ Legendary සින්දුව වෙන්නෙ "Paranoid".මේ releases වලින් පස්සෙ Black Sabbathලා Master of Reality, Sabbath Bloody Sabbath වගේ Heavy Metal Albums Release කරනවා.ඒවා UK වල විතරක් නෙමෙයි USA වලත් ලොකු සාර්ථකත්වයක් ගන්නවා.

Black Sabbath


හැබැයි ඒ කොහොම උනත්, Tony Iommi & Ozzy අතරේ තිබ්බ මතභේදයක් හින්දා 1978 වෙද්දි Ozzy,Black Sabbath වලින් අයින්වෙලා "Blizzard Of Ozz"නමින් Heavy Metal Band එකක් 1979දි හදාගන්නවා.සාමාන්‍යය ව්‍යාවහාරයෙදි "Ozzy Osbourne" කියල හඳුන්වන්නෙ මේ Band එක.මේ Band එකේ තිබ්බ විශේෂත්වය තමයි, දැනට බිහිවෙච්ච හොඳම Guitarist කෙනෙක් විදියට සලකන Randy Rhoads මේ Band එකත් එක්ක සම්බන්ධ වීම.ඊට අමතරව Lee Kerslake(Drums), Bob Daisley(Bass) Don Airey(Keys) මේ Band එකේ membersලා වෙනවා.

Ozzy with Randy Rhoads

Ozzyගේ Vocals වලට Randyගේ Heavy Metal Riffs එකතු කරපු සින්දු වලින් 1980දි Release කල "Crazy Train" සින්දුව Heavy Metal History එකේ එක Turning point එකක්."Crazy Train" සින්දුවේ Randy Rhoads⁣⁣ගෙ Guitar Solo & Riffs ටික,Metal Genre එකේ වඩාත්ම හඳුනාගත්ත Riff එකක් විදයට සලකනවා.Tapping, Hybrid Picking ව⁣⁣ගේ Complex Guitar Technique වලින් මේ Randy Rhoadsගෙ performing එක තියෙනවා.ඒකටම Ozzyගෙ Vocals එකතු උනාම මේ සින්දුව අංක 1 ගීතයක් බවට හැරෙනවා.අවාසනාවකට Randy Rhoads එක්ක Band Crew එකේ කිහිපදෙනෙක් ගමන් කරමින් තිබ්බ ගුවන්යානය අනතුරකට ලක්වෙලා Randy Rhoads මරණයට පත්වෙනවා.මෙතනින් ලොකු Trauma එකකට යන Ozzy,ඒ වෙනකොට තිබ්බ Tours හැම එකක්ම Cancel කරල පොඩි break එකක් ගන්නවා.ඒත් එක්කම අනිත් band membersලා වෙනත් bands වලට & වෙනත් දිශා වලට වෙන්වෙලා යනවා.
Ozzy with Zakk Wilde

Rhoads නැතිඋන පාඩුව පියවගන්නන Ozzyට පුළුවන් වෙන්නෙ Rhoadsව Replace කරන්න Zakk Wildeව Band එකට Join කරගන්න පුළුවන් වීමෙන් පස්සේ.ඒ 90 දශකය පටන්ගැන්මත් එක්කම වගේ.Zakk එක්ක Ozzy ගිය ගමන Rhoads එක්ක ගිය ගමන වගේම එක සමානයි.Ozzyගෙ performance වලට ලැබුන අගය කිරීම ඔහුගෙ නමට ගැලපෙන විදියටම ලැබිලා තියෙනවා.

පස්සෙ Zakk Wylde,Black Lable Society කියන Band එකට වෙන්වුනාට පස්සෙ Ozzy Osbourne Solo Career එකක් පටන්ගන්නවා.ඒක අද දවස දක්වාම ඉතා සාර්ථක Career එකක්.1990 ගණන් වල පටන්ගන්න පුළුවන් උන "Ozzfest" කියන Tour එක Ozzyගෙ Musical Career එකේ සාර්ථකම event එකක් විදියට දකිනවා.පටන්ගැන්මෙ ඉඳලා මිලියන 5ක ජනකායක් attend වෙච්ච Ozzfest එක, USD මිලියන 100ක Revenue එකක් Ozzyට generate කරල දීල තියෙනවා.මේ Ozzfest එකේ Metal Cult එකේ තවත් ජනප්‍රිය System of A Down, Metallica, King Diamond, Motley Crew වගේ Band perform කරල තියෙනවා.ඒ එක්කම Ozzy ඒ Band එක්ක Onstage Performance පවා කරල තියෙනවා.

Ozzyගෙ Musical Career එක සම්මාන සහ අගයකිරීම් වලින් ගොඩක් පිරිච්ච තැනක්. Heavy Metal Genre එකේ Pioneer කෙනෙක් විදියට අඳුරගන්න Ozzyට 1994දි "Best Metal Performance" : Grammy Award එක ලැබෙනවා.ඒ "I Don't Want to Change The World" කියන ගීතයට.කිහිප වතාවකදි UK Music Hall of Fame & US Rock and Roll Hall of Fame වලට induct වෙනවා.

Ozzyගෙ නමින් Rock වල Origin City එක වෙන Hollywood වල "Walk of Fame" Sidewalk එකේ පවා ඇතුලත් කරල තියෙනවා.ඒ වගේම Birmingham Walk of Fame Sidewalk එකේත්.
Walk of Fame Star


Metal History එකේ Olympian කෙනෙක් විදියට Ozzy Osbourne අඳුරගන්න පුළුවන්. Drugs & Alcohol ගැන ලොකු Controversial Topic වලට යන්න පුළුවන් වගේම Metal එක්ක බැඳිච්ච Satanic Ritual එක්ක Ozzyගෙ ජීවිතේ පිරිලා තියෙනවා. Prince of Darkness කියන නම ජීවත් කරවන්නම Ozzyගෙ ලයිෆ් එක Controversial ජීවිතයක් වෙනවා. හුඟක්ම අාගමික අධිකාරි වලින් Ozzyට ලැබෙන්නෙ තර්ජනාත්මක බලකිරීමක්. Prince of Darkness නම තිබීමත් එක්කම ආගමික කල්ලි Ozzy Osbourne කියන්නෙ සාතන්ගෙ ප්‍රධාන නියෝජිතයෙක් කියල.Ozzyගේ "Mr.Crowley" ගීතය English Occultist කෙනෙක් වෙන Aleister Crowleyගේ පොතක් අනුසාරයෙන් රචනා වෙලා තියෙන හින්ද Christian Church එක Ozzyගෙ සංගීතය දක්වන්නෙ Negative impact එකක්.

ඒ කොහොම උනත්,Rock and Roll History ,එකේ Living Legend එකක් වෙන Ozzy Osbourne කියන්නෙ ලෝකට පුරාම Metal රසි⁣කයන්ගෙ අති වන්දනීය චරිතයක්. Ozzyගෙ styles follow කරන vocal style follow කරන metal artistලා ⁣දහස් ගානක් ඇති කරන්න තරම් Prince of Darknessගෙ influence එක විශාල වෙනවා, influencial වෙනවා.

Ozzy ගැන ලෝකය මොන විදියට බැලුවත් Ozzy කියන්නෙ එක දෙයයි,"Whenever I have a Bad Day, I just think of these people"

ඒ Prince of Darknessගෙ Wisdom එක.

Comments