Skip to main content

Bonzo : "The Beast"

Rock වලදි Energy කියන දේ Overflow වෙනවා.එක සින්දුවක් කියන්නෙම Musical Entropy එක කලඹවන්න පුළුවන් Supernova එකක් වගේ. මේ විදියේ Energy එකක් දෙන්න පුළුවන් Band එකක Crucial Factor එකක් තමයි Band එකේ Drummer කියන්නෙ. Rock History එක ඇතුලෙ ගොඩක් Talented Drummersලා හම්බෙනවා. Bossa Nova Shuffle වල ඉඳල 1/32th Notes play කරන්න පුළුවන් වගේම 180 BPM වලට Reach කරන්න පුළුවන් තරමට Music History එකේ හිටිය, ඉන්න Drummersලට පුළුවන්.

ලෝ⁣කෙ බිහිවෙච්ච Best Drummer විදියට සලකන Led Zeppelin : Hard Rock Band එකේ John Bonham,එහෙමත් නැතිනම් "Bonzo", "The Beast".ඔහුගේ මේ ඊයේ දිනයට(September 25) යෙදිල තිබ්බ Memorial Day එක වෙනුවෙන් මේ සටහන.
John Henry Bonham
(31 May 1948 – 25 September 1980)
Bonham's Symbol of Four Zeppelin Symbols

John Bonham,ඉංග්‍රීසි ජාතිකයෙක් වෙච්ච මොහු ඉපදෙන්නෙ 1948 මැයි 31 වගේ දිනයක.පොඩි කාලෙ ඉඳලම Jazz Druming ගැන ලොකු උනන්දුවක් පෙන්නන Bonham, Rudiments ඉගෙන ගන්නෙ Buddy Rich, Gene Kuppa, Max Roach වගේ Jazz,Bebop styles වල Pioneer වෙච්ච Drummersලගෙන්.

Bernard "Buddy" Rich
 (September 30, 1917 – April 2, 1987)

 ඒ Buddy Richලගේ Jazz Influence එක Bonhamගෙ Druming වල හැමතැනම Signature එකක් විදියට තියෙනවා, ඒක Led Zeppelin සින්දු අහන ඕන කෙනෙක්ට අත්විඳින්න පුළුවන්.

Bonhamගෙ පලවෙනි Main Musical Intervene එක වෙන්නෙ Band of Joy කියන Band එක.දෛවෝපගත විදියට Robert Plant එක්කලා සංගීතයට එක්වෙන්න පුළුවන් වෙන්නෙ,මේ Band of Joy කියන පොඩි School Rock type Band එක හින්දා.
Band of Joy( Bonham in the Center)


Bonhamගෙ Led Zeppelin Chapter එක,කොටින්ම Bonhamගෙ දෙවෙනි ඉපදීම සිද්ද වෙන්නෙ, "The Yardbirds" ලගේ Disband උනාට පස්සෙ , "New Yardbirds" විදියට Jimmy Page පටන් ගන්න Band එකේ Lead Singer විදියට Robert Plantට කරන ආරාධනාවත් එක්කම.

The Yard Birds
(1966 : Jeff Beck, Jim McCarty, Chris Dreja, Jimmy Page and Keith Relf)



අළුතින් හැදුව Band එකේ Drummer විදියට Pageට, Bonhamව recommend කරනවත් එක්ක.පස්සෙ කාලෙක මුළු Rock n Roll history එකම ඉහලට ඉස්සුව Music Redefine කරපු Led Zeppelin විදියට වෙනස් වෙන්නෙ මේ New Yardbirds.

Led Zeppelin
(John Paul Jones, Robert Plant, John Bonham, Jimmy Page)

Led Zeppelinලගේ Legendary Art Work හැම එකකම Drums එන්නෙ Bonhamගෙ අතින්. Bass drum එකෙන් Triplets play ක⁣රන වර්තමානෙ Metal Drum Technique එකක් වෙලා තියෙන ඒ Talent එක Bonham මාර Efficient විදියට පාවිච්චි කරනවා. මේ විදියට play කරන්න පාවිච්චි කරන්නෙ Ludwig Vistalite Drum kit එකක්.මේ Ludwig brand එකේ Company එක අදටත් brand එක මාර්කට් කරන්නෙ Bonhamගෙ Drum Kit එක විදියට.

Ludwig Vistalite Drum kit


සින්දුවක Bass Drums වලට Drummer කරන Kick එක සින්දුවේ Energy එක Release කරන පලවෙනි Point එක වෙනවා.Bonham, "When the Levee Breaks"(Link :https://youtu.be/WbrjRKB586s) වගේ Led Zeppelinලගෙ සින්දු වල දෙන Kick එක, Rock වල Thunderous Drums වල උපත Define කරනවා.Rock වලදි Usually Play වෙන 4/4 Beat එක Underlaying beat එකක් විදියට තියාගෙන Jimmy Pageගෙ Guitar එක්ක 12/8, 9/8 වගේ Irregular Complex Beats එක්ක Bonham සෙල්ලම් කරන්නෙ කිසිම ආයාසයක් නැතිව.

හුඟක් Drummersලා Bassist එක්ක Accompany වෙලා හුඟක් Rhythmic Fill එකක් විදියට Drums play කලත්, Bonham play කරන්නෙ Led Zeppelin Ochestra එකේ එක Key Melodic Instrument එකක් විදියට. Led Zeppelinලගේ Legendary සින්දු වෙන

  •  "Immigrant Song"(Link :https://youtu.be/RlNhD0oS5pk)
  • "Black Dog"(Link : https://youtu.be/zcBjfBpgH8Q)
  • "Kashmir" (Link :https://youtu.be/ZDwotNLyz10) 
  •  " Communication Breakdown"(https://youtu.be/qoqQnR8NOVI) 
වගේ Rock Music Mould කරපු සින්දු වගේම ලෝකප්‍රකට " Stairway to Heaven" සින්දුවේ Grooves හැදෙන්නෙ John Bonhamගෙ Talent එකෙන්. ඒ Talent එක දෙවියන්ගෙ තෑග්ගක් වගේ රූපිකයකින් හඳුන්වන්න පුළුවන් තරම් විශිෂ්ඨයි.

John Bonham ජීවත් වෙන්නෙ ටික කාලයයි. Alcohol Consumption එකේ පරතෙරටම ගිහිං හිටිය Bonham, මරණයට පත්වෙනකොට Vodka Shots 40ක් පානය කරල තියෙනවා.මරණයට ප්‍රධානම හේතුව Alcohol OD එකක් කියන Coroner කියනවා. Alcohol හැරෙන්න කිසිම විදියක අනෙක් මත්ද්‍රව්‍යක් John Bonham පාවිච්චි කරල තියෙනවා කි⁣යන්න සාධක නැහැ. මරණය 1980 සැප්තැම්බර් 25 දවසේ වයස අවුරුදු 32ක් වගේ වෙන⁣කොට John Bonham ජීවිතයෙන් සමුගන්නවා. හැබැයි ඒ විදියට කෙ⁣ටි කාලයක් ජීවත් උනත්, අපේ Rock Thirst එක Full Fill කරන්න Bonham අපිට ඉතිරි කරල ගිය ඔහුගෙ Talent එක,අදටත් Bonzoව අමරණීය කලාකාරයෙක් කරනවා.

Comments