Skip to main content

Asian Genes in Rock Music

Rock කියල කියන්නෙ 1950 කාලෙ වෙද්දි ලෝකෙ පුරා ප්‍රචලිත වෙලා තිබ්බ විවිධාකාර සංගීත රටාවන් එකට එකතු කරල හදපු හොඳ Fusion music එකක්.පහුකාලීන වෙද්දි Rock Genre කියන එක mainstream එකට ඇතුලු උනාට පස්සෙ මේ status එකෙන් වෙනස් උනත්,Rock Music කියන්නෙ African,Western,Asian & Arabic Roots තියෙන දැනටත් අළුතින් එක එක roots වලින් දේවල් එකතුවෙන හොඳ සංගීත ශානරයක්.
මේ සංගීත ශෛලියේ ගායකයාගේ ගායන හැකියාවට තියෙන්නෙ ⁣ලොකු ඉල්ලුමක්. සංගීත භාණ්ඩ විදියට ගිටාර් + ඩ්‍රම්ස් වලින් ලොකු BPM එකකට සින්දු Play කරනකොට, ගායකයා තමුන්ගෙ කටහඬෙන් ගොඩක් ලොකු කාර්යභාරයක් කරනවා. සෙසු සංගීත භාණ්ඩ වලින් ඇති කරන සංගීතය පරයා යන්න පුළුවන් කටහඬක් තියෙන එක Rock Singer කෙනෙක් ට pre-requisite එකක්.

Rock ඉතිහාසෙ මේ විදියේ කටහඬවල් ලොකු ප්‍රමාණයක් තියනවා. ජනප්‍රියත්වයත් එක්කම හැකියාවත් එකම විදියකට තියෙන ගායකයෝ තමයි වැඩිම හරියක් ඉන්නෙ.

මේ අතරින් Freddie Mercury,
Serj Tankian & Frank Zappa ටිකක් විශේෂයි.
හේතුව මේ ගායකයන්ට තියෙන Asian-Genetic Roots ටික.
Freddie Mercury (5 September 1946 – 24 November 1991)











Freddie Mercury ගත්තොත් උපතින්ම Parsi ජාතිකයෙක්.Farrokh Bulsara කියන උපත්ති නාම⁣යෙන් තමයි Freddie Mercury,Zanzibar වලදි ඉපදෙන්නේ.Parsi එහෙමත් නැතිනම් Persian Decent එකකින් උපත ලැබීම හින්දා ආසියානු ජාන,විශේෂ වශයෙන් "Indo-Aryan" root එකතු වෙලා තියෙනවා.

Serj Tankian (21 August 1967 - Present)















Serj Tankian ගැන බැලුවොතින් ලෙබනනයේ උපත ලැබූ ආර්මේනියානු ජාතිකයෙක්.ඔටෝමාන් අධිරාජ්‍යය කාලයේ ඉඳල යුරෝපීය ජාන එක්ක මිශ්‍ර උනත් ආසියානු ගතිය කියන එක ආර්මේනියන් උන්ට තියෙනවා. Yaani ගාව Violin Play කරන Samvel Yervinyan උනත් concert වලදි Asian-Roots එකතු කරනවා බලන්න පුළුවන්.

Frank Zappa (December 21, 1940 – December 4, 1993)















Frank Zappa කියන්නෙ Italian-French-Arab Decent එකකින් එන ගායකයෙක්. France-Spain කියන්නෙ හුඟක් Persian-Arabian ජාන mix වෙච්ච පූල් එකක්. Spanish Music වල තියෙන අමුතු තාල ගතිය එන්නත් හේතුව ඔය සම්බන්ධ වෙලා තියෙන ආසියාතික ජානය.

මේ තුන්දෙනා,

Mercury - Queen
Serj - System of a Down
Zappa - Mother of Inventions

වල perform කරනකොට හොඳටම දකින්න පුළුවන් මේ කටහඬේ Timbre & Depth එක.ඒක අර Caucasian Gene හරි African Gene වලින් එන දෙයකට වඩා ගොඩක්ම ආසියාතික ගතියක් බව.
ඉහල ස්වර වලදි ස්ථායි ගතිය, ස්වර අතර ගමන් කරද්දි තියෙන ඩයිනමික් ගතිය.මේවා ඔක්කෝම අපි අත්දකින මේ Asian Music වල ඇතුලු වෙලා තියෙනවා.

කොහොමත් Rock Music කියන්නෙ World Music එකක් විදියට ගන්න පුළුවන්.ලෝකෙ හැම අස්සක මුල්ලකම එක එක roots එකතු කරල හැදුව හොඳම fusion music එකක්.
Psychedelic Rock වගේ අහද්දි Indian Raga පාවිච්චි වෙලා තියෙනව උනත් දකින්න පුළුවන්.ඒත් එක්කම මෙි වගේ Musiciansලා ගොඩක් ප්‍රමාණයක් එක්ක එකතු වෙලා ආව ගමනක් බව.

Comments