Skip to main content

The Poet

1980-90 දශක වල ඉපදුනු අපට Kurt Cobain කියල කියන්⁣නෙ Rock වල Cult Icon එකක්. Sub-Genre ඕනම එකක Rock අහන ඕන කෙනෙක් දන්න කෙනෙක් තමයි Kurt කියන්නෙ. Kurt කියන්නෙ ඒ තරම් ජනප්‍රිය කෙනෙක්. Cult Symbol එකක්.Jim Morrison කියන්නේ හරියට Kurtගේ කලින් version එක වගේ.

Jim Morrison,එහෙමත් නැතිනම් James Douglas Morrison විදියට 1943 දි ඉපදෙනවා.ඒ Florida වලදි.තාත්තා Navy Officer කෙනෙක් වෙච්ච හින්දාම රට වටේ හැම තැනම පොඩි දවස් වල යන්න සිද්ධ උනත් අන්තිමට Virginia වල Highschool එකකින් graduate වෙලා අන්තිමට 1964දි, University of California At Los Angeles වල Cinema School එකකට ඇතුලු වෙනවා.ඒ ෆිල්ම් හදන්න කියල.

James Douglas Morrison (December 8, 1943 – July 3, 1971)
















Ray Manzarek එක්ක එකතු වෙලා අවුරුදු 22ක් වෙච්ච Jim,Film හැදිල්ලට අතගැහුවට වැඩේ සාර්ථක දෙයක් වෙන්නෙ නැහැ.තමන්ට හරියනම දේ සිද්ධ වෙනකන් අනිත් කරන හැමදෙයක්ම වරදින ඒ ස්වභාවය හින්ද ද කියලත් සැකයක් ඉතිරි කරන ගමන්.

හවසට හවසට Venice Beach එකට ගිහිං හොද Psychedelic Journey එකකට සෙට් වෙන්න කැමති Jim & Rayට දෛවෝපගත හමුවීමක් සිද්ධ වෙනවා.ඒ Robbie Krieger & John Densmore මුණ ගැහෙන එක.මෙතනදි මේ 4 දෙනා කතා කරගන්නවා Band එකක් හදන්න.
Robbie,Guitarist විදියටත් Jim,Frontman විදියටත් Ray,Keys/Pianist විදියටත් Densmore,Drummer විදියටත් තමයි ඉස්සෙල්ලාම Session එක පටන් ගන්නෙ.

"The Doors" : John Densmore, Robbie Krieger, Ray Manzarek, Jim Morrison

















කලාකාරයෙක් විදියට ඊට කලින් හිටිය අනිත් කලාකාරයො දාර්ශනිකයෝ ගැන පිස්සුවෙන් වගේ හිටිය Jim, අළුතින් පටන් ගත්ත Band එකේ නම විදියට "The Doors" කියල නම් කරනවා.ඒ ඉංග්‍රීසි ජාතික කවියෙක් වෙච්ච William Blakeගෙ එක quote එකක් පාවිච්චි කරල ;
"If the doors of Perception were cleansed,Every thing would appear as it is,Infinite"
මේක සරලව Jimගෙ වචන වලින් කිව්වොතින්,
"අපි දන්න නොදන්න දේවල් අතරේ තියෙන දෙයක් තියෙනවා.ඒ තමයි දොරවල්"


















ඔය විදියේ ලොකු Poetic Start එකක් ගන්න The Doorsලගෙ පලවෙනි සින්දුව වෙන්නෙ Robbieගෙ වචන වලට හැදුන "Light My Fire".තවමත් Doorsලගෙ සින්දුවක් කියද්දි මතකයට එන්නෙම ඔය සින්දුව.ඒ තරම් ඒ සින්දුව ජනප්‍රියයි.තවත් ජනප්‍රිය සින්දු විදියට ගත්තොත්;
*Roadhouse Blues(1970)
*The End (1967)
*Riders on the Storm(1971)
*Touch me(1969)
*Breakon through(1967) ගන්න පුළුවන්.
Elvis Praislyගෙ කාලෙට පස්සෙ වැඩිම Sex Appeal එකක් ගන්න පුළුවන් වෙච්ව ගායකයෙක් තමයි Jim කියන්නෙ.කාලයත් එක්ක Sex,Drugs and Alcohol එකක් මුළු music life එකම පටලවගන්න Jimට සිද්ද⁣ වෙනවා.හැබයි මේ අතරේම Jim Morrison එයාගෙ හිත අැතුලෙන් Alter Ego එකක් විදියට "Lizard King" කියල කෙනෙක් විදියට තමන්ව ආරෝපණය කරගන්නවා.මේක ඇත්තටම Bipolar තත්වයක්ද එහෙමත් නැතිනම් Schizophrenic තත්වයක් ද කියන්න හරියටම දන්නෙ නැහැ.

හැබැයි මේ Lizard King කියන එක Jim ගෙ අන්තිම කාලෙ තදින්ම ඔළුව ඇතුලෙ තිබ්බ අදහසක්.ඒ ගැන සින්දු පවා ලියවිලා තියෙනවා (Celebration of Lizard(1968)).

"I am the Lizard King, I can Do Anything" කියන ප්‍රසිද්ධ කියමන Jim කියන්නෙත් මෙන්න මේ Lizard ගැන තියෙන alter ego එක හින්දා.මේ lizard king කතාවත් එක්කම Jim,රතු ඉන්දියන් එහෙමත් නැතිනම් Native American Culture එක ගැන ලොකු අවධානයක් දෙනවා.
තමන්ගෙ පිටිපස්සෙන් එන Shaman කෙනෙක් ගැන Jim Morrison ගොඩක් තැන් වල සඳහන් කරල තියෙනවා.මේ Obsessions එක්ක තමයි Jimට 1970 දි "The Lord & The New Creatures" කියන පොත ලියන්නත් හේතු වෙන්නෙ.

කාල ජීවිතේ විවිධාකාරා හැල හැප්පීම් එක්ක Jim ට ජීවත් වෙන්න සිද්ද වෙනවා.කොටින්ම 1970දි Florida State අධිකරණයකින් 1969 සංදර්ශනයකදි Profanity & Public Exposure කියන චෝදනා වලට මාස 6ක සිරදඬුවමක් නියම කරනවා.නීති⁣ඥයෙක් මාර්ගයෙන් තීන්දුවට කල් ඉල්ලගන්න Jimට පුළුවන් වෙනවා.ඒත් අායෙත් පාරක් නඩුවාරයක් තියන්න කලින් 1971 ජූලි 3 වෙනිදා,Jim,Paris වලදි නැවතිලා හිටිය ගෙදර Bathtub එකේදි මරණයට පත්වෙලා ඉන්නවා.මරණවට හේතුව Heart Attack එකක් විදියට කිව්වට ඇත්තටම Autopsy එකක් පවා කරන්නෙ නැහැ.මරණය අප්‍රසිද්ධව තියාගන්න තමයි ඒක කරන්නෙ.

Paris කියන්නෙ Art ලෝකයක්.මරණයෙන් පස්සෙ Jimගෙ එක ඉල්ලීමක් උනේ ආදාහනය Paris වලම කරන විදියට,ඒ අර මීට කලින් හිටිය Artistලා වලලපු තැන වැලලෙන්න තියෙන ආශාව එක්ක.
ඒ ඉල්ලීමට අනුව පැරිස් වල Pere-Lachaisse සුසානභූමියේ අවසන් කටයුතු සිද්ද වෙනවා.ඒ තැන හදපු ස්මාරකයේ Jim Morrison "The Poet" කියල සලකුණු කරල තියෙනවා බලාගන්න පුළුවන්.


Paris Grave 


















Jim මරණයට පත්වෙන්නෙ අවුරුදු 27දි. Kurt Cobain මරණයට පත්වෙන්නෙත් 27දි.මෙන්න මේ හින්දම 27 Club & White Lighter කියන Urban Legend වලට Jim වත් Cobainවත් සම්බන්ධ වෙනවා. සුප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ මරණය කොහොමත් අභිරහස් දෙයක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි.

Members of 27 Club : Urban Legend
White Lighter
ආර්ට් ගැන ජීවිතය ගැන Jimට තිබ්බ Idea එක හිතාගන්න බැරි තරම් විශිෂ්ඨ එකක්.

ඒ කාලෙම Pop Art වල Pioneer කෙනෙක් වෙච්ච Andy Warhol එක්ක පවා Art Life එකේදි Jim, Interact වෙලා තියෙනවා.
අදට උනත් Rock N Roll essence එකේ Basic Ingredient එකක් විදියට Jim ගෙ Personality එක සලකන්න පුළුවන්.
Stage Performance අතින් 10/10 ක් ගන්න Jim ගෙ Performance වලට පුළුවන්.

Jimට තිබ්බ අවබෝධය Nietztche තරම් නැති උනාට "Death makes angels of us" වගේ quote එකක් කියවද්දි James Douglas Morrison කියන්නෙ Pop Art එකේ Nietztche ද කියලත් හිතෙනවා.

Comments